Wednesday 29 June 2011

පුංචි දෝණි ..........

මේ ලඟපාත ගෙදරක් තිබූ, නැත ඈත
පොඩි දියණියකි පෙර පාසැල් යන මෑත
කපමින් රූප අලවන්නට කිව්ව පොත
අත මත තබා කාමරයට යැවුනි නෙත

නෑ කිසි සද්දයක් දුවගෙන් ටික වේලේ
සොයලා බලමි පොඩි දෝණිට ඇති ආලේ
කියලා සෙව්වමුත් නැහැ ඇය ගෙයි සාලේ
අම්මේ, මම මෙතන කිව්වා සුරතල් තාලේ

මොණරුන් ගොඩක් සිටියා මේ අල්මරියේ
ඉන් තුන් දෙනයි කැපුවේ මම මේ සැරයේ
පසුවට කපන්නට දෙන්නෙක් අල්මරියේ
වහලා තබන්නට කිව්වා සරිබරියේ

පොඩි දුව හොඳයි ඒ දෙන්නා තිබ්බාද
ඔයිට වැඩිය ඔබ මොණරුන් දැක නැද්ද
කියමින් පියා හිස අල්ලා ගද්දි සඳ
තුන් දාහක්ම ඉවරයි දැන් කීවා පද

දෙන්නට බෑ හැබැයි ඔය තුන් දෙනාම
ගුටි කන්නටත් වෙයි මෙය නැති උනාම
කියමින් හැඬූ හැටි ඇය පැය තුරාම
දැන් සිරි මැවෙයි පැතිරී ගම පුරාම

ඔබගේ අදහස් මාගේ ඉදිරි ගමනට මහත් රුකුලක් වනු ඇත ..........

Sunday 19 June 2011

මොනවද ඒ දෙවිවරු පැතුවේ ......

 
ගිනියම් අවුවේ මහ වරුසාවේ
දෙවියෝ වැඩ ඉන්නේ
අවුවට දැවෙනා වැස්සට තෙමෙනා
මගේ හිමි සඳු ගැන
නැහැ දෙවියෝ තැකුවේ

කලට වහින වැහි
අකලට වස්සා ඇයි
දෙවියෝ වැඩියේ
සවි නැති පැල්පත දිරාපු වහලය
නැහැ දෙවියෝ දුටුවේ

අහර නැතුව කුස
නිදි නැති හඬනා මගේ පැටවු දවසේ
පොද පොද හලනා
වැහි වැඩි කරනා
නැහැ දෙවියෝ දුටුවේ

අනේක පීඩා හිස මත දරනා
වියපත් අප හමුවේ
දැවෙනා අප දැක
දුක වැඩි කරවා
මොනවද ඒ දෙවිවරු පැතුවේ

ඔබගේ අදහස් මාගේ ඉදිරි ගමනට මහත් රුකුලක් වනු ඇත ..........

Tuesday 14 June 2011

කාසි ඇති තැන් බල බලා

බුලත් පඬුරුද මල් ගොතා
නොයෙක වර කුසුමින් පුදා
දෙවොල දෙවියන් වැඩ හිඳා
කාසි ඇති තැන් බල බලා 
උන් නමින් සක්මන් කලා ...

කාසි නැති දා දුප්පතා 
රැගෙන කඳුලැලි මල් පුදා
කලත් ආයාචන ඉතා 
නොමැත දෙවියෝ වැඩ හිඳා ...

රැගෙන මිණි බෙර හඬවලා 
සදා පලතුරු දුම් ගසා
පුදා හැඩ ඇති මල් ගොතා
බලන දෙවි මන මත් කලා
විමන්තුල සිටියත් වසා
පැමිණෙතේ දොරගුළු කඩා ...


ඔබගේ අදහස් මාගේ ඉදිරි ගමනට මහත් රුකුලක් වනු ඇත ..........

Saturday 11 June 2011

මවක් මෙන් ගිනි උහුලතා

මවක් මෙන් ගිනි උහුලතා
කතක් මෙන් සිරි වඩවතා
නම් ලදිම් මිහිකත වෙතා
කියනු බැරි සිරි ඇති ලතා

ජලය ගිනි කඳු උහුලතා
මල්ද තුරු ඵල පූදිතා
සැමට සම ඵල දෙන ඉතා
නොයෙක සිරි එහි විහිදෙතා

රිසි ලෙසේ තම මනු සතා
නොයෙක බිල්ඩින් ඉදිවෙතා
තනිව දුක් කඳ උහුලතා
පුදුමයට කරුණකි ඉතා

විහඟ කැල සිත් ගත් සතා
ඇල දොලේ මින් පිහිනතා
සතුටු කරවන මනු සතා
පමණ පිණිසද මිහිකතා

නොමැත කිසිවෙක් රවටතා
පැවැත්මට පිහිටක් පතා
නොගෙන කිසිවක් උදුරතා
නමුදු නොදනී බලවතා

මේ ගැන ඔයාලගෙත් අදහසුත් පහලින් කමෙන්ටුවක්  දාලා යනවනං තමා හොඳ, ඒක මට ලොකු ශක්තියක් වේවි.

Thursday 9 June 2011

නෙතු හැරෙන වග නම් .........

බින්දිය කවිකාරියකි සිත මා හට බැඳුනු රසේ
ඒ රසයටම කවි නාවත් මගෙන් මෙසේ
මට හැකි වුනා කවි ලීමට සිත් අහසේ
ඒ ගැන පලමු තුති පුද බින්දියට මෙසේ


කවි රස නඟන්නට සිත් ලෙස ඉඩ සැලසූ
අදරින් සිහි කරමි පෙම්බර මහිමි සඳු
උපමා නොමැත මා හට ඔබෙ නමට සැදූ
මේ මල් මිටිය පෙම්බර හිමි නමට සඳු


රස කවි ගෙතීමට බාලෙදි බැඳි ආලේ
වඩවා ගන්න සිත් තුල මේ ලෙස තාලේ
ඇවිදින් යන්න ඉඳ හිට හෝ හැම වේලේ 
ආරාධනා නෙතුපිය දිග හැරි වේලේ