Wednesday 6 July 2011

අහිංසක මගේ මස් කෑ හැමෝටම විගසින් වින කරනු සුරිඳුනි කතරගම

දින සති නෙවෙයි අවුරුදු හත අටක දුර
සිදු වූ සිද්ධියක් සෝකෙන් හදෙහි බර
කවි කර ලියමි සිද්ධිය ඒ සවිස්තර
හරකෙකු ගැනයි බිලි වූ වැද්දන්ට තර

සොඳ සේ නිදහසේ තණ ටික බුදින විට
බලලා රහස් ඔත්තුව හරි ඇහැට හෙට
පසලොස්වක සඳෙහි සඳකැන් ඒ වැටෙන විට
හරකා යැව්වේය පරලොව සිත් නැති ලෙසට

අසා අවනඩුව ඉන්නා සැවොම ගම
බලා තෙදැති නෙත් යුග විහිදලා තම
අහිංසක මගේ මස් කෑ හැමෝටම
විගසින් වින කරනු සුරිඳුනි කතරගම

පැටියට එරුනු කිරි ටික නැති කරපු "උන"
දරුවට අම්ම නැති කර උන් බලා හෙන
පසලොස්වක සඳත් අමතක කල අමන
කල් දින මොටද  සුරිඳුනි පරලොව අරින

කියලා දුක මෙලෙස පරලොව ගිය හරකා
බැගෑපත් වෙලා සුරිඳුට  වූ විපතා
කිවූ ලෙසට කවි පද එක දෙක සදතා
කවුරුත් බලනු අනුහස නම් වේ මවිතා

අසං සබඳ මේ ලෙස කියවන කවිය
මස් වැද්දන්ට පෙන්නා කවියේ සවිය
කරමින් සිදුරු ඔහුගේ හදවත පිහිය
පරලොව ගියා හදවත ඇති මුත් සවිය

හරියට දින හතයි හරකා මැරුනු දින
පසු කර යන්න බැරි උනි කරුමය වදින
හොඳ හැටි පාඩමකි තිරිසන් වැඩ කරන
හරකයි වස් කවිය කීවේ පරලොව යවන

මේක අපේ ගමේ ටික කාලෙකට ඉස්සර සිද්ධ වෙච්ච ඇත්තම සිද්ධියක්. මේ ගැන ඔයාලගේ අදහසුත් පහලින් කමෙන්ට් එකක් දාලා යන්නකෝ ........

5 comments:

  1. කතාවක් කවියකින් ඉදිරිපත් කරනකොට ඒකේ අමුතුම ලස්සනක් තියෙනවා..
    අද ගොඩක් දෙනෙක් මස් මාළු කන එහෙන් ඇත් වෙලා.. ඒක සුභ පෙර නිමිත්තක්

    ReplyDelete
  2. කියන්න දෙයක් ඉතුරු වෙලා නැහැ . ඔයා ලස්සනට ගලපලා තියෙනව . අර තේරවිල්ලට උත්තරේ නොදී ලිස්සුවා නේද

    ReplyDelete
  3. කතාව කවියෙන් කියපු විදිහ ගොඩක් ලස්සනයි.

    ReplyDelete
  4. ගවයා යනු හුදෙක්ම තිරිසන් සතෙක් පමනක් නොව ලාංකිකයන් වන අප ඇතුලු බොහෝ කෘෂිකර්මාන්තයෙන් යැපෙන ජාතීන්ගෙන් පිදුම් ලබන්නට සුදුසු සත්ත්වයෙකි.කුඩා දරුවන් කල හෝ ඔබ අතරින් වැබිදෙනෙකු එලකිරි පානය කරන්නට ඇති.නැතහොත් පිටිකර බොන්නේද එලකිරිය.බිඳක් හෝ මනස වෙහෙසා සිතන්නට හැකි මිනිසකු ගවමස් අනුභව නොකරනු නොඅනුමානය.මක් නිසාදැයි ඇසුවහොත් කලගුන නොදන්නා මිනිසාගේ බර අදින්නට තරම් මොලයක් නැති ගවයාට වඩා බුද්ධිමත්ව සිතන්නට මිනිසත් බව ලද ඔබට හැකි නිසාය....

    ReplyDelete
  5. @Dinesh,
    බොහොම ස්තුතියි ආවට, ආයිත් ඇවිත් යන්න එන්න.

    @Bindi,
    http://nethupiya.blogspot.com/2011/06/blog-post_11.html මෙන්න මේ ලින්ක් එකේ ඔයාට මම උත්තරේ දීලා තියනවා, ඔයා දැකලා නැතුව ඇති.

    බොහොම ස්තුතියි ආවට වගේම කමෙන්ට් එකටත්.

    @මධුරංග,
    බොහොම ස්තුතියි ආවට වගේම කමෙන්ට් එකටත්.

    @බබා..,
    දැන්නම් ඉතිං බහුතරයක් ඒක තේරුම් අරන් ඉන්නෙ, ඒත් ඉතිං සුලු පිරිසක් ඉන්නවා ඒක තේරුම් නොගත් අයත්.

    බොහොම ස්තුතියි ආවට වගේම කමෙන්ට් එකටත්.

    ReplyDelete