දින සති නෙවෙයි අවුරුදු හත අටක දුර
සිදු වූ සිද්ධියක් සෝකෙන් හදෙහි බර
කවි කර ලියමි සිද්ධිය ඒ සවිස්තර
හරකෙකු ගැනයි බිලි වූ වැද්දන්ට තර
සොඳ සේ නිදහසේ තණ ටික බුදින විට
බලලා රහස් ඔත්තුව හරි ඇහැට හෙට
පසලොස්වක සඳෙහි සඳකැන් ඒ වැටෙන විට
හරකා යැව්වේය පරලොව සිත් නැති ලෙසට
අසා අවනඩුව ඉන්නා සැවොම ගම
බලා තෙදැති නෙත් යුග විහිදලා තම
අහිංසක මගේ මස් කෑ හැමෝටම
විගසින් වින කරනු සුරිඳුනි කතරගම
පැටියට එරුනු කිරි ටික නැති කරපු "උන"
දරුවට අම්ම නැති කර උන් බලා හෙන
පසලොස්වක සඳත් අමතක කල අමන
කල් දින මොටද සුරිඳුනි පරලොව අරින
කියලා දුක මෙලෙස පරලොව ගිය හරකා
බැගෑපත් වෙලා සුරිඳුට වූ විපතා
කිවූ ලෙසට කවි පද එක දෙක සදතා
කවුරුත් බලනු අනුහස නම් වේ මවිතා
අසං සබඳ මේ ලෙස කියවන කවිය
මස් වැද්දන්ට පෙන්නා කවියේ සවිය
කරමින් සිදුරු ඔහුගේ හදවත පිහිය
පරලොව ගියා හදවත ඇති මුත් සවිය
හරියට දින හතයි හරකා මැරුනු දින
පසු කර යන්න බැරි උනි කරුමය වදින
හොඳ හැටි පාඩමකි තිරිසන් වැඩ කරන
හරකයි වස් කවිය කීවේ පරලොව යවන
මේක අපේ ගමේ ටික කාලෙකට ඉස්සර සිද්ධ වෙච්ච ඇත්තම සිද්ධියක්. මේ ගැන ඔයාලගේ අදහසුත් පහලින් කමෙන්ට් එකක් දාලා යන්නකෝ ........