Showing posts with label පුංචි දෝණි. Show all posts
Showing posts with label පුංචි දෝණි. Show all posts

Wednesday, 29 June 2011

පුංචි දෝණි ..........

මේ ලඟපාත ගෙදරක් තිබූ, නැත ඈත
පොඩි දියණියකි පෙර පාසැල් යන මෑත
කපමින් රූප අලවන්නට කිව්ව පොත
අත මත තබා කාමරයට යැවුනි නෙත

නෑ කිසි සද්දයක් දුවගෙන් ටික වේලේ
සොයලා බලමි පොඩි දෝණිට ඇති ආලේ
කියලා සෙව්වමුත් නැහැ ඇය ගෙයි සාලේ
අම්මේ, මම මෙතන කිව්වා සුරතල් තාලේ

මොණරුන් ගොඩක් සිටියා මේ අල්මරියේ
ඉන් තුන් දෙනයි කැපුවේ මම මේ සැරයේ
පසුවට කපන්නට දෙන්නෙක් අල්මරියේ
වහලා තබන්නට කිව්වා සරිබරියේ

පොඩි දුව හොඳයි ඒ දෙන්නා තිබ්බාද
ඔයිට වැඩිය ඔබ මොණරුන් දැක නැද්ද
කියමින් පියා හිස අල්ලා ගද්දි සඳ
තුන් දාහක්ම ඉවරයි දැන් කීවා පද

දෙන්නට බෑ හැබැයි ඔය තුන් දෙනාම
ගුටි කන්නටත් වෙයි මෙය නැති උනාම
කියමින් හැඬූ හැටි ඇය පැය තුරාම
දැන් සිරි මැවෙයි පැතිරී ගම පුරාම

ඔබගේ අදහස් මාගේ ඉදිරි ගමනට මහත් රුකුලක් වනු ඇත ..........