Thursday 9 June 2011

නෙතු හැරෙන වග නම් .........

බින්දිය කවිකාරියකි සිත මා හට බැඳුනු රසේ
ඒ රසයටම කවි නාවත් මගෙන් මෙසේ
මට හැකි වුනා කවි ලීමට සිත් අහසේ
ඒ ගැන පලමු තුති පුද බින්දියට මෙසේ


කවි රස නඟන්නට සිත් ලෙස ඉඩ සැලසූ
අදරින් සිහි කරමි පෙම්බර මහිමි සඳු
උපමා නොමැත මා හට ඔබෙ නමට සැදූ
මේ මල් මිටිය පෙම්බර හිමි නමට සඳු


රස කවි ගෙතීමට බාලෙදි බැඳි ආලේ
වඩවා ගන්න සිත් තුල මේ ලෙස තාලේ
ඇවිදින් යන්න ඉඳ හිට හෝ හැම වේලේ 
ආරාධනා නෙතුපිය දිග හැරි වේලේ

7 comments:

  1. ඇරඹුම හොදයි දිගටම කරගෙන යන්න
    ආසිරි පතයි ඔබහට Asiri ඔන්න
    ඔබ මෙනි මටත් බින්දිය ගැන පවසන්න
    ඇති එක දේ තමයි ඈ හොද කවි දන්න

    සජීවනි නෙතුපිය ඇර ගොතන කවි
    බැලුමට ආ කෙනා පළමුව මමම වෙමි
    හැකිනමි බලනු මගෙ බ්ලොගයත් පමා නොවී
    පහළ මග දිගේ යනු දැන් පෙනේ මැවී

    www.fotostory2011.blogspot.com

    ReplyDelete
  2. දිගටම ලියන්න..

    ReplyDelete
  3. දිගටම ලියමු... මොකක් හරි අවුලක් තියනවනං අර ගෘපියෙ වෝල් එකේ ලියන්න....

    ReplyDelete
  4. මගේ සුබ පැතුම්.. දිගු ගමනකට ආසිරි..

    ReplyDelete
  5. @අසංක ආසිරි කුලතුංග,

    සුපිපුනු මල ඔබයි නෙතුපිය යට මුල් ඉත්තේ
    බඳිනා මියුරු පද මාගේ නෙතු ගත්තේ
    ආවට පලමු තුති ඔබ අද මේ පැත්තේ
    නොවෙමි පමා මා එනවා ඔය පැත්තේ

    ReplyDelete
  6. @රත්ගමයා,
    නෙතුපිය යටින් පිපුනා ඔබ දෙවෙනි මල
    විලකදි පිපුන රත්ගමයා නමැති මල
    දැකලා ඔබේ තතු සෙව්වා සිනා හල
    සතුටකි දැකීමත් ඔබ මගේ නෙතුපියන් යට

    @කිඩෝ,
    නෙතු මානයට ඇවිදින් සිරි බැලුවාට
    දිගටම ලියන්නට දිරිමත් කලා මට
    තුති පුද කරමි දුන් සහයෝගයට
    නෙතුපිය වැසෙන තුරු මතකයි ලීවාට

    @චතූ,
    හැමදා නොහැකිමුත් සමහරදාට
    ඔබ ගැන බලනවා බ්ලොග් එක රෑට
    දිගු ගමනකට මට ආසිරි පැතුවාට
    තුති පුද කරමි හද පිරි ඇතිවාට

    ReplyDelete
  7. නෙතුපිය ගසන වාරක් වාරක් පාසා
    කවි සිතුවිලි නැගේ හිත හොදටම ආසා

    ඊයේ හටගත් නෙතුපිය blog පැළය
    සුවිසල් ගසක් වී දෙනු ඇත හොද ඵලය

    හෙට දින පටන් ගන්නෙමු තව කවි බ්ලොගයක්
    ඒ හට ඇරයුමක් කරනෙමු පුදා මලක්

    ප.ලි
    ඒ ගැන දැන ගන්ට හෙට එනු නෙළුම් විල
    පැමිණෙන විටදි රැගෙනෙනු හොද කවි කැකුළ

    ReplyDelete