Saturday 11 June 2011

මවක් මෙන් ගිනි උහුලතා

මවක් මෙන් ගිනි උහුලතා
කතක් මෙන් සිරි වඩවතා
නම් ලදිම් මිහිකත වෙතා
කියනු බැරි සිරි ඇති ලතා

ජලය ගිනි කඳු උහුලතා
මල්ද තුරු ඵල පූදිතා
සැමට සම ඵල දෙන ඉතා
නොයෙක සිරි එහි විහිදෙතා

රිසි ලෙසේ තම මනු සතා
නොයෙක බිල්ඩින් ඉදිවෙතා
තනිව දුක් කඳ උහුලතා
පුදුමයට කරුණකි ඉතා

විහඟ කැල සිත් ගත් සතා
ඇල දොලේ මින් පිහිනතා
සතුටු කරවන මනු සතා
පමණ පිණිසද මිහිකතා

නොමැත කිසිවෙක් රවටතා
පැවැත්මට පිහිටක් පතා
නොගෙන කිසිවක් උදුරතා
නමුදු නොදනී බලවතා

මේ ගැන ඔයාලගෙත් අදහසුත් පහලින් කමෙන්ටුවක්  දාලා යනවනං තමා හොඳ, ඒක මට ලොකු ශක්තියක් වේවි.

9 comments:

  1. මේක ලස්සන කවි පෙළක්.. මට නම් ඔය වගේ මාතෘකා ඔස්සේ කවියක් ලියා ගන්න බෑ ඇත්තටම. මෙහෙම ලියන එක හපන්කමක් විදියට තමයි මම දකින්නේ..

    ReplyDelete
  2. ගොඩාක් ලස්සනයි.. අව්‍යාජ විවෘත අදහස්.... දිගටම ලියන්න සහෝ. මගේ සුබ පැතුම්!

    ReplyDelete
  3. ඇත්තටම ලස්සනයි, දිගටම ලියන්න. වෙනස්ම මාතෘකාවක්.. රවින් කියනවා වගේ මටත් බෑ ඔය වගේ දෙයක් ගැන හිතාගන්න..

    ReplyDelete
  4. නියමයිනේ..දිගටම ලියමු එහෙනම්

    ReplyDelete
  5. අහම්බෙන් වගේ ආවා මේ දෙසට..
    වැටුනා ඔබේ බ්ලොග් එක මගේ සිත තුලට..
    ඔබලා යතුරු පුවරුව හනි හනිකට..
    ඇමිණුවා පේලි හතරක් මෙහි දමන්නට..

    ReplyDelete
  6. උපමා උපමේය භාවිතයේන කියන්න උත්සහ කරන කතාව දැනුනා..ලස්සනයි

    ReplyDelete
  7. මාරයාගේ අඩවියෙ ලින්ක් එක දැකලා

    තකහනියෙම ආවෙමි මම ඔබ සොයලා

    දැනුයි දුටුවෙ ඇති බව හොඳ කවි ලියලා

    දැන්වත් කියනු කාගෙද බාරිය කියලා

    P.S your poem is very nice

    ReplyDelete
  8. හොඳයි... වෙනසක් දැනුනා... දිගයම ලියන්න... ජය !

    ReplyDelete
  9. @රවින්,
    ඔයාටත් ලස්සනට සිංදු හදන්න පුලුවන්නේ. බොහොම ස්තුතියි මේ පැත්තෙ ආවට ආයිත් එන්න.


    @චතූ,
    පුලුවන් හැම වෙලාවකදිම ලියන්නයි හිතාගෙන ඉන්නෙ. බොහොම ස්තුතියි මේ පැත්තෙ ආවට ආයිත් එන්න.

    @ප්‍රාර්ථනා,
    බොහොම ස්තුතියි. තව හොඳ කතා ලියන්න අපිට හිනා වෙන්න.


    @දිලීප,
    බොහොම ස්තුතියි මේ පැත්තෙ ආවට ආයිත් එන්න.

    @All in one.......,
    අහම්බෙන් වුවත් ආවට මේ දෙසට
    බලලා කමෙන්ට් කෙරුවට මගේ බ්ලොග් එකට
    අපමණ දිරිය ලැබුනා සතුටුයි සිතට
    ආයෙත් එන්න මේ පැත්තේ දිනේ හෙට

    @ජනරඟ විජඉදු දේවසුරේන්ද්‍ර,
    බොහොම ස්තුතියි කමෙන්ට් කියවන කොට සෑහෙන සතුටුයි. ආයිත් මේ පැත්තෙ එන්න.

    @Bindi,
    සිරි ඇති නෙළුම් විල පෙන්වා පුදුම
    රසයට මගේ කවි මුසු කල බොහොම
    පන්සල් හංදියේ ගෙනෙනා දිග හැරුම
    ඔහු වෙයි මගේ හිමි සඳු දැන් නැහැ අරුම

    @චතුරංග පෙරේරා | chathuranga Perera,
    වෙනස් මාතෘතාවලට මමත් කැමතියි, එහෙම දේවල් තමයි ලියන්න හිතාගෙන ඉන්නෙ. ආයෙත් එන්න ආවට ගොඩක් ස්තුතියි.

    ReplyDelete