Tuesday 14 June 2011

කාසි ඇති තැන් බල බලා

බුලත් පඬුරුද මල් ගොතා
නොයෙක වර කුසුමින් පුදා
දෙවොල දෙවියන් වැඩ හිඳා
කාසි ඇති තැන් බල බලා 
උන් නමින් සක්මන් කලා ...

කාසි නැති දා දුප්පතා 
රැගෙන කඳුලැලි මල් පුදා
කලත් ආයාචන ඉතා 
නොමැත දෙවියෝ වැඩ හිඳා ...

රැගෙන මිණි බෙර හඬවලා 
සදා පලතුරු දුම් ගසා
පුදා හැඩ ඇති මල් ගොතා
බලන දෙවි මන මත් කලා
විමන්තුල සිටියත් වසා
පැමිණෙතේ දොරගුළු කඩා ...


ඔබගේ අදහස් මාගේ ඉදිරි ගමනට මහත් රුකුලක් වනු ඇත ..........

6 comments:

  1. "කාසි නැති දා දුප්පතා
    රැගෙන කඳුලැලි මල් පුදා
    කලත් ආයාචන ඉතා
    නොමැත දෙවියෝ වැඩ හිඳා ..."

    හරිම අපුරුයි..

    ReplyDelete
  2. @Dinesh,
    බොහොම ස්තුතියි මේ පැත්තෙ ආවට ආයිත් එන්න.

    ReplyDelete
  3. කතාව 100%ක් ඇත්ත.. ලස්ස්නට ගොනු කරල තියෙනවා

    ReplyDelete
  4. ලස්සන අදහස . ''ගිනියම් අව්වේ මහා වරුසාවේ ..දෙවියෝ වැඩ ඉන්නේ ...'' කියල ත් කියනවනේද

    ReplyDelete
  5. අපේ ගමේ ඉන්නවා හොඳ ඩයල් එකක් හරිද?? මිනිස්සුන්ව දෙයියෝ පෙන්නලා ගොනාට අන්දනවා.. කරන්න දෙයක් නෑ. ඒ මිනිස්සුන්ට අපි කොච්චර කිව්වත් තේරුම් ගන්නේ නෑ.. අර මනුස්සයා අම්බානක් හම්බ කර ගන්නවා ඒ අහින්සකයන්ගෙන්..විස්තර ගොඩාක් කියන්න පුළුවන් පොර ගැන. මෙතන ලියලා තේරුමක් නෑ නේ. කවිය ගොඩාක් ලස්සනයි.

    ReplyDelete
  6. මේකේ මාර අදහසක් තියෙනවා අක්කේ තව ලියන්න
    අන්න තව කවි බ්ලොග් එකක් පටන් ගත්තා. පුළුවන්නම් ඒකටත් කවි ටිකක් ලියන්න..
    http://kavimuthumal.blogspot.com/

    ReplyDelete