Sunday 19 June 2011

මොනවද ඒ දෙවිවරු පැතුවේ ......

 
ගිනියම් අවුවේ මහ වරුසාවේ
දෙවියෝ වැඩ ඉන්නේ
අවුවට දැවෙනා වැස්සට තෙමෙනා
මගේ හිමි සඳු ගැන
නැහැ දෙවියෝ තැකුවේ

කලට වහින වැහි
අකලට වස්සා ඇයි
දෙවියෝ වැඩියේ
සවි නැති පැල්පත දිරාපු වහලය
නැහැ දෙවියෝ දුටුවේ

අහර නැතුව කුස
නිදි නැති හඬනා මගේ පැටවු දවසේ
පොද පොද හලනා
වැහි වැඩි කරනා
නැහැ දෙවියෝ දුටුවේ

අනේක පීඩා හිස මත දරනා
වියපත් අප හමුවේ
දැවෙනා අප දැක
දුක වැඩි කරවා
මොනවද ඒ දෙවිවරු පැතුවේ

ඔබගේ අදහස් මාගේ ඉදිරි ගමනට මහත් රුකුලක් වනු ඇත ..........

6 comments:

  1. ලස්සන අදහසක්, ඇත්තටම දෙවියන්ගෙන් අහන්න ඕන ප්‍රශ්නයක්.

    මාරය අයියගෙ බ්ලොග් එකේ දාල තිබුන කමෙන්ට් එක දැකල මේ පැත්තෙ ආවෙ. මාරය අයියගෙ කවියටත් වඩා ඔයාගෙ කමෙන්ට් එක ලස්සනයි. දිගටම ලියන්න. ජය!

    ReplyDelete
  2. යථාර්ථවාදී..පොලොවේ පයගහලා කියවන්න පුළුවන් විදියට ලියලා තියනවා..අගයකරනවා ඒ හැඟීම ව‍ගේම ප්‍රයත්නය

    ReplyDelete
  3. හරිම අපූරුවට ලියලා තියෙනවා.. දිගටම ලියන්න..

    ReplyDelete
  4. හරිම අගෙයි මං කලිනුත් කිව්වා වගේ නෙතුපිය ගහන වාරක් පාසා

    ඔබ කැමතිනම් මේ පද කවිමුතුමල් බ්ලොගයේ අමුනන්න එහෙමත් නැත්නම් අලුත්ම අදහස් දෙන්න
    කවිමුතුමල් ඒ සදහා සුදානම්..
    එන්න..
    http://kavimuthumal.blogspot.com/

    ReplyDelete
  5. ගිනියම් අව්වෙ සිටි ඒ දෙවියන්
    දේවාලෙට වැඩමවු හින්දා,
    දාහේ දෙදාහේ මොනර කොලේකට
    දෙවියන්ගේ බල යට හින්දා,.
    දුක හා කඳුලද දහඩිය දුඟදද
    කම්කරු හට උරුමය හින්දා,,
    නාඩන් සොයුරියේ ඔබ හඬනා කල
    ඔහුටත් දුක වැඩි වන හින්දා,.

    ReplyDelete
  6. අක්කියෝ දිගටම ලියන්න.. (ඇත්තටම මම කවි නං කියවන්නෑ ඉතින් මගෙන් ​කවි වලට වැටෙන කමෙන්ට් අඩු වෙන්න පුලුවන් සොරි හොදේ)

    ReplyDelete