Wednesday 29 June 2011

පුංචි දෝණි ..........

මේ ලඟපාත ගෙදරක් තිබූ, නැත ඈත
පොඩි දියණියකි පෙර පාසැල් යන මෑත
කපමින් රූප අලවන්නට කිව්ව පොත
අත මත තබා කාමරයට යැවුනි නෙත

නෑ කිසි සද්දයක් දුවගෙන් ටික වේලේ
සොයලා බලමි පොඩි දෝණිට ඇති ආලේ
කියලා සෙව්වමුත් නැහැ ඇය ගෙයි සාලේ
අම්මේ, මම මෙතන කිව්වා සුරතල් තාලේ

මොණරුන් ගොඩක් සිටියා මේ අල්මරියේ
ඉන් තුන් දෙනයි කැපුවේ මම මේ සැරයේ
පසුවට කපන්නට දෙන්නෙක් අල්මරියේ
වහලා තබන්නට කිව්වා සරිබරියේ

පොඩි දුව හොඳයි ඒ දෙන්නා තිබ්බාද
ඔයිට වැඩිය ඔබ මොණරුන් දැක නැද්ද
කියමින් පියා හිස අල්ලා ගද්දි සඳ
තුන් දාහක්ම ඉවරයි දැන් කීවා පද

දෙන්නට බෑ හැබැයි ඔය තුන් දෙනාම
ගුටි කන්නටත් වෙයි මෙය නැති උනාම
කියමින් හැඬූ හැටි ඇය පැය තුරාම
දැන් සිරි මැවෙයි පැතිරී ගම පුරාම

ඔබගේ අදහස් මාගේ ඉදිරි ගමනට මහත් රුකුලක් වනු ඇත ..........

5 comments:

  1. හරිම ලස්සන කවි පෙලක්... ඇත්තෙන්ම සුන්දරයි....

    ReplyDelete
  2. කොතනත් පොඩි එවුන් එක වාගේ නේද

    සුරතල් දඟ වලට සම වෙයි නැහැ බේද

    සෙල්ලම් වගේමයි අඩුවක් නැත වාද

    දරුවන් නැති ගෙදර සතුටක් කොහි වේද

    ReplyDelete
  3. හරි ලස්සන කවි පන්තියක්.
    අපේ බබත් දවසක් ඔහොම දෙයක් කරල තිබ්බ.අපි ඒව කොලේක අලවල ආපහු බැංකුවට භාර දුන්න.එයාල ඒවා ගන්නව.

    ReplyDelete
  4. ලස්සනයි අක්කා

    ReplyDelete
  5. @Dinesh,
    ගොඩක් ස්තුතියි. ආයිත් එන්න.

    @Bindi,
    ඒක නං ඇත්ත තමා. ගොඩක් ස්තුතියි මේ පැත්තෙ ආවට. ආයිත් එන්න.

    @නදී,
    පොඩි අයගේ දඟ වැඩ නම් කියලා වැඩක් නැහැ. ගොඩක් ස්තුතියි මේ පැත්තෙ ආවට. ආයිත් එන්න.

    @කිඩෝ,
    ගොඩක් ස්තුතියි මේ පැත්තෙ ආවට. ආයිත් එන්න.

    ReplyDelete